Update – මන්ත්‍රී උද්ධිකගේ සුවදුක් බලන්න මැති ඇමති පිරිසක් අනුරපුර නිවසට

වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ අනුරාධපුර පිහිටි පෞද්ගලික නිවසට අදාළ මන්ත්‍රීවරුන් මෙලෙස පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සමඟි ජනබල වේගයේ මන්ත්‍රී රෝහන බණ්ඩාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙලෙස උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට පැමිණ තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවසට පැමිණි අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණා.

වෙඩි තැබීම සඳහා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, සඳහා යොදන ජීව උණ්ඩයක් සහ හිස් පතොරම් කොපුවක් වෙඩි තැබීම සිදුකළ ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
12
+1
24
+1
5
+1
12
+1
7
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?