spot_imgspot_img

Update – මධ්‍යම මොරොක්කෝවේ භූකම්පනයෙන් 296ක් ජීවිතක්ෂයට

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයන් 296 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11:11ට පමණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කම්පනයේ කේන්ද්‍රය, මාරකේෂ් සිට කිලෝමීටර් 71ක් නිරිත දෙසින් කිලෝමීටර් 18.5ක් ගැඹුරින් පැවති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා.

පළමු භූකම්පනය සිදුවී මිනිත්තු 19 කට පසුව 4.9 ක පසු කම්පනයක් ද සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් පැවසුවේ.

මෙම භූකම්පනයෙන් 153 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට තොරතරු වාර්තා වනවා.

තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි මුදවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?