බැසිල් රාජපක්ෂ දිවයිනට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

EK- 650 දරණ ගුවන් යානයෙන් පෙරවරු 8.30ට පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔහුව පිළිගැනීම සඳහා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණෙන්නේ මාස එකහමාරක පමණ කාලයක් ඇමරිකාවේ ගත කිරීමෙන් පසුවයි.

බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි දේශපාලන ආරංචි මාර්ග මීට පෙර සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?