දික්වැල්ල පොලිස් වසමේ දෙමටපිටිය, කුමාරතුංග මවතේ දී අද (13) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා.
තුවාල ලැබූ එම පුද්ගලයා මාතර මහ රෝහලර ඇතුළත් කර මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වුණේ.
මෙම වෙඩි තැබීම සඳහා පැමිණි පිරිස ටොයෝටා ඇලියන් වර්ගයේ තද අළු පැහැති මෝටර් රථයකින් පැමිණ ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි ප්‍රහාරයට ලක් වූ මෙම පුද්ගලයාගේ බිරිඳ සමඟ තවත් පුද්ගලයෙකු පවත්වාගෙන යන අනියම් සම්බන්ධයක් මත පවතින අමනාපයයක් මෙම වෙඩි තැබීමට හේතුවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා දික්වැල්ල, දඹගස්ආර ප්‍රදේශයේ පදිංචි මංගල යසලාල් කුමාරතුංග නැමැති වයස අවුරුදු 51ක අයෙක්.
ඔහුගේ දකුණු අතේ වැලමිලට, වම් අතේ බාහුවට, වම් ඇලපතට සහ දකුණු කකුලට වෙඩි පහරවල් වැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.