Empty Ad
AFC Banner
AFC Banner

Update : දක්ෂිණ අධිවේගයේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ මව හා පියාට බරපතළයි – රෝහල් ආරංචි මාර්ග (වීඩියෝ)

දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී ඊයේ (11) රාත්‍රියේ දී සිදු වූ මාරක අනතුරකින් එකම පවුලේ දියණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු අතර එම දරුවන්ගේ දෙමාපියන් ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ බරපතළ තුවාල ලැබූ මව හා පියාගේ තත්ත්වය ද අවදානම්සහගත බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 100 කිලෝමීටර් කණුව ස්ථානයේ දී කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුරින් කාර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවුරුදු 10 හා 12 වයස්වල පසුවන අක්කා සහ නැගණිය යන දෙදෙනා ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ මාතර – නූපේ පදිංචි ව සිටි මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උබේසිංහ ආරච්චිගේ සදීෂා (12) සහ එම විද්‍යාලයේම 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි උබේසිංහ ආරච්චිගේ සෙනුදි (10) නමැති දැරියන් දෙදෙනෙක්.

වැඩිමහල් දියණියගේ අසනීපයකට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන එන අතරතුර දී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මියගිය දැරියන්ගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව උදානී රාජපක්ෂ මහත්මිය මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරියක්.

ඇය ඊට පෙර රාහුල විද්‍යාලයේ ද සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෘත දේහයන් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
0
+1
4
+1
107
+1
5
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රිනී කෞෂල්‍යාට වුණේ මොකක්ද ? මාධ්‍ය හමුවේ හෙළි කරයි
18:03
Video thumbnail
හත්වැනි මහලින් වැටුන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් - පවුලේ ඥාතීන්ගෙන් චෝදනා
18:19
Video thumbnail
ජනපති මත්ද්‍රවය ජාවාරම් කාරයින්ට රතු එළි දල්වපු හැටි
01:42
Video thumbnail
කාදිනල්තුමාට මඩ ගහනවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
04:31
Video thumbnail
ඇමතිගේ නිව්ස් ගහපු නැති නිසා ගෙදර යන්න වුණු සභාපති
06:04
Video thumbnail
ආණ්ඩුව ලුණු ප්‍රශ්නයත් ලස්සනට විසඳයි - රටින් ලුණු ගේන්න ටෙන්ඩර් දාලා තියෙන්නේ
09:00
Video thumbnail
සුන්දර නුවරඑළියේ අම්බානක සෙනඟ
03:03
Video thumbnail
ආණ්ඩුවට තවත් ලෙඩක් - මෙන්න රිලව් පුවක් කන්න පටන් අරගෙන
02:43
Video thumbnail
තක්කඩි හොරුන්ට වැඩේ දෙන හැටි මාලිමා මන්ත්‍රී කියයි
17:06
Video thumbnail
මාස දෙකේ ආණ්ඩුවට කාන්තාවෝ අමතයි
11:58

?