Update – තුර්කියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 5,000 ඉක්මවයි

සිරියානු දේශ සීමාවට ආසන්නව තුර්කියේ ඊයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර කරන්නේ, තුර්කියෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3,419 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

භූ කම්පනයෙන් තුර්කියේ පුද්ගලයින් 20,534 දෙනෙකු තුවාල ලබා ඇති බවත් 6,000 කට ආසන්න ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවත් සඳහන්.

භූ කම්පනයෙන් පසු සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,602 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියට අනුව මේ වනවිට සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටින සහන සේවකයින් සංඛ්‍යාව 24,400 කට අධික ය.

කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින අධික ශීත සහිත කාලගුණික තත්ත්වය මේ වනවිට මෙම මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයි ද වාර්තා වෙනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගසය, නේටෝ ඇතුළු සංවිධාන මෙන්ම අමෙරිකාව , එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය , ඉරාකය, ඉරානය, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, ග්‍රීසිය , පකිස්ථානය ඇතුළු ලොව බොහෝ රටවල් මේ වනවිට තුර්කියේ සහ සිරියාවට සහන සැලසීමට එක්ව සිටිනවා.

තුර්කි වේලාවෙන් ඊයේ අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?