AFC Banner
AFC Banner
Empty Ad

UPDATE:බයක් – සැකක් නැතිව රහට ලියූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා දැයෙන් සමුගනියි (වීඩියෝ)

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරු 05ට සිදු කෙරුණා.

ඒ ගාල්ල – දඩල්ල පොදු සුසාන භූමියේදියි.

දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කිරීමේ අවස්ථාවට විශාල පිරිසක් එක් ව සිටියා.

දැඩි අසනීප තත්ත්වයෙන් කලක සිට පෙලුණු ඒ මහතා ගාල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 75 වැනි වියෙහි පසුවුණා.

මෙරට ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ප්‍රකට අතර කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ ක්‍රියාකාරීන් විසින් හඳුන්වනු ලැබුවා.

ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන් ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන්. සිල්වා පිළිබඳ ඔහු ‘රාවය’ පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් ජනප්‍රියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?