spot_img
AFC Banner
Empty Ad
Empty Ad

TIN එක ගන්න රජය බිලියන 16ක් වියදම් කළ රැමිස් පද්ධතිය වැඩ නෑ (වීඩියෝ)

බදු පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හඳුන්වාදී තිබෙන රැම්ස් ඩිජිටල් පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ටින් අංකය අනිවාර්ය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

රැමිස් පද්ධතියේ පවතින ගැටලු නිසා ටින් අංකය ඉල්ලුම් කරන ලද ලක්ෂයකට අධික පිරිසකට එම අංකය නිකුත් කිරීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආදායාම් පරිපාලන කළමණාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් පද්ධතියේ ගැටලු මතුවීම නිසා තාවකාලික වැට් සහතික නිකුත් කිරීම නතර කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.

සිංගප්පූරු සමාගමක් සමඟ එක්ව මෙම රැමිස් පද්ධතිය සකස් කිරීමට රජය රුපියල් බිලියන 16ක පමණ මුදලක් වැය කර ඇතැයිද අනාවරණවනවා.

රැමිස් පද්ධතියේ දුර්වලතා පවතින බවට කෝප් කමිටුවේදීද අවධානයට ලක්වුණා.

මීට අමතරව මෙම රැමිස් පද්ධතිය නඩත්තු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දිරි දීමනද ගෙවමින් වෙනම කාර්ය මණ්ලයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රැමිස් පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පෙබරවාරි මස පළමුවැනිදා සිට බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය අනිවාර්ය කිරීමට නියමිත වුවද එය මේ වන විට අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත් රැමිස් පද්ධතිය කඩිනමින් යථාවත් කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-10
00:00
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-09 | Dasatha News
38:41
Video thumbnail
"අනුර කුමාරට මැතිවරණය දිනන්න බෑ" #nalakagodahewa #anurakumaradissanayake
02:34
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-09|Dasatha News
36:55
Video thumbnail
"රාජ්‍ය සේවකයෝ කියන්නේ මහා වැටුපක් ලබන අය නෙවෙයි" #tax #nalakagodahewa
07:46
Video thumbnail
PRAHARAYA | පා.ම. නාලක ගොඩහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:48:28
Video thumbnail
රට වට්ටපු අය ගැන නාලක ගොඩහේවා කළ හෙළිදරව්ව - "කාගෙවත් උපදෙස් මත මේ අය වැඩ කරන්නේ නෑ"
03:35
Video thumbnail
"මාව දේශපාලනයට තල්ලු කළා" - "ඒ කාලෙත් මම චරිතයක් වෙලා තිබ්බා" #nalakagodahewa
10:49
Video thumbnail
මරු තුරුලට යන බවක් නොදැන සිටි Club වසන්තගේ අවසන් තප්පර කිහිපයේ Videoව එළියට
01:39
Video thumbnail
පොහොට්ටුවෙන් සජබෙට දැන් කීයක් ඇවිත්ද ? මෙන්න දැනගන්න
05:08

?