STF සැරයන්ට පහරදුන් සැකකරුවෙකු වසර දෙකකට පසුව අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් 100400 ක මුදලක් කොල්ල කෑ සැකකරුවෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී වසර දෙකකට පසුව අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු හඳුනා ගැනුණේ මීට දින දෙකකට පෙර අඟුරුවාතොටදී සිදුවූ පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී.

විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයාට පහර දී මෙම සැකකරු මීට වසර 02 කට පෙර ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.

ඔහු සහ පුද්ගල ඝාතනයේ සැකකරු යන දෙදෙනාම නැවතී සිට තිබෙන්නේ එකම නිවසක.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?