Empty Ad
AFC Banner
Empty Ad

LPL තරගාවලියේ අවසන් වටයේ තීරණාත්මක තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තීරණාත්මක තරගය අද (21) රාත්‍රියේ පැවැත් වීමට නියමිතයි.

ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල ජයන්ට්ස් අතර පැවැත්වෙන මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවනවා.

මෙම තරගය ජය ගැනීම වෙනුවෙන් කණ්ඩායමේ දෙකම තමන්ට ඇති ප්‍රබලතම තුරුම්පු පාවිච්චි කරනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයින් මත පළකරන්නේ.

මෙම තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ප්‍රමුඛ ප්‍රබල දඟ පන්දු බල ඇණිය සම්බන්ධයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වැඩි අවදානයක් යොමු කරනු ඇති.

එමෙන්ම මෙවර LPL තරගාවලියේ නවතම සොයා ගැනීම වන ජනිත් ලියනගේ ප්‍රමුඛ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් කෙරෙහි වැඩි අධ්‍යයනයක් සිදුකර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද තරගය සඳහා අවතීර්ණ වනු ඇති.

මේ අතර දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකට මෙම තරගයත් අහිමි වන බවට තොරතුරු වාර්තා වනවා.

පසුගියදා පැවති කැන්ඩි වෝරියර්ස් සමග තරගයේ දී ඔහු පිට කොන්දේ ආබාධයකට ගොදුරු වූ අතර මේ වනවිට ප්‍රතිකාර කිරීම ආරම්භ වී ඇතත් දසුන් පුර්ණ සුවය ලබා නොමැති බවයි හම්බන්තොටින් වාර්තා වන්නේ.

මේ අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසන්නේ තම කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතින බවයි.

පසුගිය තරග කිහිපයේ දී පිතිකරුවන් ලකුණු අතරට නො පැමිණියත් අද තරගයේ දී ලකුණු අතරට පැමිණීමට තරම් අත්දැකීම් ඇති පිතිකරුවන් පිරිසක් තම කණ්ඩායම සතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?