KDU බසය අනතුරට මොහොතකට කලින් ගිය ගමනේ වීඩියෝව ගැන පොලිසිය කියන කතාව (වීඩියෝ)

ඊයේ (01) පෙරවරුවේ බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ අඹගස්ඔය ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් රැගත් බස් රථය; අනතුරට ලක්වීමට පෙර මාර්ගයේ ධාවනය වූ ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝව අද (02) පස්වරුවෙන් පොලිසිය විසින් නිරීක්ෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව එම වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමේ දී අදාළ බස් රථය පැදවූ රියදුරා කිසියම් ආකාරයකින් මාර්ග නීති උල්ලංඝනය කරමින් බස් රථය ධාවනය කළේ නැද්ද යන්න පිළිබඳව තේරුම් ගැනීමට හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (02) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ බව පැවසූ අතර; බස් රථයේ රියදුරා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් ඔහුගෙන් තවමත් ප්‍රකාශ සටහන්කර ගැනීමට නොහැකි බවයි ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුව කුමක් ද යන්න එම දර්ශන ඔස්සේ නිගමනය කළ නොහැකි බව ඔහු මාධ්‍ය හමුවේ අදහස් දවමින් සඳහන් කර සිටියා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන විමර්ශන නිලධාරීන් මෙම වීඩියෝ පටය පිළිබඳව මේ වනවිටත් ඇතැම්විට අවදානය යොමුකර බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
7
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?