IMF ගිවිසුම තවත් ප්‍රමාද විය හැකියි ජනපති පවසයි

ඉන්දියාව සහ චීනය සමඟ ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සමඟ එකඟතාවකට පැමිණීමේ ක්‍රියාවලිය ජනවාරි මාසය දක්වා තවදුරටත් ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

තවද ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදීමට ප්‍රථමයෙන් සහතික විය යුතු බවත්, ණයහිමියන් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“මේ ප්‍රශ්නය විසඳන්න අපි පොදු මතයකට එන්න නම් රටවල් දෙකටම බලපාන ද්වීපාර්ශ්වික ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න ඕන. අපි දැන් මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න ඕන.එහෙම වුණොත් දෙසැම්බර් වෙනකොට අපිට එකඟතාවකට එන්න පුළුවන්” ඔහු පැවසීය. .

ඒ අනුව නොවැම්බර් මැද වන විට ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණිය යුතු බවත් දෙසැම්බර් මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යා යුතු බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?