IMF එකඟතා ලබන සතියේ පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අඅමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ සියලු ගිවිසුම්වලට එළඹීම අවසන් වූ පසු ඒවා ජනතාවට දැක බලා ගත හැකි වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ලබන 20 වනදා රාත්‍රියේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඒ අනුව එදිනම රාත්‍රියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම එකඟතාවන් පිළිබඳ වෙබ් අඩවියේ පළ කළ වහාම ජනාධිපතිවරයා ඒ පිළිබඳ සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?