Facebook සමාගමෙන් නිවේදනයක්

තම ෆේස් බුක් ගිණුමේ මිතුරෙක් නොවන අයෙකුගේ ෆේස්බුක් පිටුවක් නැරඹීමත් සමග ස්වයංක්‍රීයව එම පුද්ගලයාට මිතුරු ඇරයුමක් යාමේ දෝෂය නිරාකරණය කර ඇතැයි ෆේස්බුක් සමාගම පවසනවා.

මෙම දෝෂය සම්බන්ධයෙන් ෆේස්බුක් ග්‍රාහකයින් විශාල පිරිසක් ට්විටර් සමාජ මාධ්‍ය හරහා කරුණු දක්වා තිබූ අතර පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මෙහිදී මතවාදයක් නිර්මාණය වී තිබුණා.

ඇන්ඩ්‍රොයිඩ් අධිකාරියේ වාර්තාවකට අනුව, ෆේස් බුක් පරිශීලකයන් යමෙකුගේ profile එකකට පිවිසෙන විට ඔවුන් ස්වයංක්‍රීයව එම පුද්ගලයාට මිතුරු ඉල්ලීමක් යැවීම මෙම දෝෂය හේතුවෙන් ස්වයංක්‍රීයව සිදු කෙරුණා.

පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සහ සමාගමේ පාලනය අවදානමට ලක් වූ අවස්ථාවක් ලෙස සැලකෙන මෙම ගැටළුව වන් සමාජ මාධ්‍යවල ද අවධානයට ලක් වුණා.

ෆේස්බුක් සමගම මෙම දෝෂය ඉක්මනින් නිවැරදි කළ අතර සේවා යථා තත්ත්වයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

“අපි Facebook මිතුරු ඉල්ලීම් වැරදි ලෙස යැවීමට හේතු වූ මෑත කාලීන යෙදුම් යාවත්කාලීනයකට අදාළ දෝෂයක් නිවැරදි කළෙමු. අපි මෙය සිදුවීම නැවැත්වූ අතර මෙයින් සිදු විය හැකි යම් අපහසුතාවයක් සඳහා අපි සමාව අයදිමු,” යනුවෙන් ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
3
+1
33
+1
3
+1
2
+1
8
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?