Empty Ad
AFC Banner
Empty Ad

BMW ගැන කියන්න සැඟවී හිටි ජොනී අද CIDයට

දින ගණනාවක් සැඟවී සිටි බවට සමාජයේ කතාබහක් මතුකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ ඔහුට අයත් යැයි පැවසෙන කොළඹ ප්‍රසිද්ධ තරු පහේ හෝටල් සංකීර්ණයක රථ ගාලේ නවතා තිබී සොයාගත් මෙරට දී එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා යි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අභියාචනාධිකරණයට අභියාචනයක් ද ඉදිරිපත් කළා.

එම අභියාචනය ඊයේ (22) පස්වරුවේ විභාගයට ගැනුණු විට හිටපු අමාත්‍යවරයාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ සිය සේවාදායකයා අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට යාමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
05:24:42

?