Binance හැක් කිරීමෙන් ඩොලර් බිලියන භාගයක පාඩුවක්

ලොව විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Binance (බයිනන්ස්) කර්වරුන් විසින් හැක් කිරීමට ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී ඩොලර් මිලියන 570ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එහි ගනුදෙනු සහ අරමුදල් මාරු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

Binance ප්‍රධාන විධායක නිලධාරී Changpeng Zhao ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති අතර, BNB දාමයේ භාවිතා කරන බ්ලොක්චේන් “පාලමකින්” මෙම ටෝකන සොරකම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

“ඔබේ අරමුදල් ආරක්ෂිතයි, පත් වූ අපහසුතාවයට අපි සමාව අයදින අතර, ඒ අනුව වැඩිදුර යාවත්කාලීන කිරීම් ලබා දෙන්නෙමු” යනුවෙන් Binance හි ප්‍රධාන විධායක නිලධාරියා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?