spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නොපැවැත්වේ

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.

නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වන්නේ, ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ය.

රථවාහන සැලසුමට අනුව උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන අතර වාහන ගමනාගමනය ද සීමා කෙරෙන බවත් පොලිසිය ප්‍රකාශ කළා.

අදාළ කාලසීමාවේදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පොලිස් රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?