spot_img
AFC Banner
Empty Ad
Empty Ad

75 වැනි තාරුණ්‍යයේ ආදර්ශය හරිත ශ්‍රී ලංකාවක්

75 වැනි තාරුණ්‍යයේ ආදර්ශය හරිත ශ්‍රී ලංකාවක් යන්න තේමා කර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩ සටහන් මාලාවක් සංවිධාන කෙරේ.

ජාතික තරුණ සේවා සභාව සහ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව එය සංවිධාන කරන අතර ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි යෞවන සමාජ සම්මේලනද එයට එක්ව තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මගපෙන්වීමෙන් සහ ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා නිළදාරී චින්තන රුක්මන් මහතා යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබෙනවා.

තෝරා ගනු ලබන එක් නගරයක් සංවර්ධනය කිරිම මෙම ව්‍යාපෘතියේ මුලික ඉලක්කයක් වන අතර මේ සදහා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වන ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාව,ගලෙන්බිදුනුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,ගලෙන්බිඳුණුවැව කලාප අධ්‍යාපන කාර්යාලය යන ආයතන හා එක්ව වැඩසටහන් රාශියක් පැවැත්වීමට සුදාන්ම්ව තිබෙනවා.

ඒ යටතේ නගර පිරිසුදු කිරිම හා අළංකරණය කිරීම,දැනුවත් කිරීම ,පැල සිටුවිම යන වැඩ සටහන් දැනටමත් සැලසුම් කර තිබෙන අතර ගලෙන්බිඳුණුවැව නගරයේ ආපනශාලා පරීක්ෂා කිරීම සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ උප නගරයක් වන දුටුවැව නගරයේ ඇති වල් බිහි විනාශ වීමට යන පේෂ කර්ම ගොඩනැගිල්ලක් නැවත ප්‍රතිසංස්කරණය කර එම ස්ථානයේ සති පොළක් ආරම්භ කිරී යන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?