44ක් රෝහල් යැවූ A9 මාර්ගයේ බස් – ටිපර් අනතුර (වීඩියෝ)

අද (15) දහවල් A9 මාර්ගයේ එළුතුමද්දුවල් සහ මුහමාලේ අතර ප්‍රදේශයේ දී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, පෞද්ගලික බස් රථයක ගැටීමෙන් බරපතල අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 44කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ ධාවනය වූ බස් රථයක් දකුණට හැරවීමේ දී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී බස් රථය පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට මුහුණ දී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් යාපනය, පලෙයි සහ කිලිනොච්චිය යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

https://youtu.be/5VlHei0CgqU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?