spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

60 කට ජීවිත අහිමි කළ ඉන්දියාවේ පාලම් අනතුර

ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ පාලමක් ගඟකට කඩා වැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ දැනට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පාලම කඩා වැටීමෙන් මිනිසුන් සිය ගණනක් පමණ ගඟට වැටී ඇති අතර එම අවස්ථාවේ මෝර්බි නගරයේ පාලම මත පුද්ගලයින් 400කට අධික පිරිසක් රැදී සිට ඇති බවට වාර්තා වේ.

මීටර් 230 ක් දිග මෙම ඓතිහාසික පාලම 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දකි. ප්‍රතිසංස්කරණය සඳහා මාස හයක් වසා දමා තිබූ එම පාලම පසුගිය සතියේ යළි මහජනතාව සඳහා විවෘත කර ඇත.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?