ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ පාලමක් ගඟකට කඩා වැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ දැනට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පාලම කඩා වැටීමෙන් මිනිසුන් සිය ගණනක් පමණ ගඟට වැටී ඇති අතර එම අවස්ථාවේ මෝර්බි නගරයේ පාලම මත පුද්ගලයින් 400කට අධික පිරිසක් රැදී සිට ඇති බවට වාර්තා වේ.
මීටර් 230 ක් දිග මෙම ඓතිහාසික පාලම 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දකි. ප්‍රතිසංස්කරණය සඳහා මාස හයක් වසා දමා තිබූ එම පාලම පසුගිය සතියේ යළි මහජනතාව සඳහා විවෘත කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
16
3
1