23 මැදියම් රැයේ සිට සා.පෙළ උපකාරක පන්ති තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමානය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති මේ මස 23 වැනිදා මාධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙය වීම සහ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ඒ අනුව තහනම් වනවා.

මීට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය,එම ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද මෙහිදී තහනම් බවයි දැනුම් දෙන්නේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි මස 08 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?