Empty Ad
AFC Banner
Empty Ad

රත්මලානේ දී ඇල්ලූ කොල්ලකරුවෝ

රුපියල් ලක්ෂ 21ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලය සඳහා යොදාගත් කුලී පදනම මත ලබාගත් වෑන් රථයක්, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ද සමඟ මොවුන් රත්මලාන ප්‍රදේශයේ දී ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පසුගිය 04 වනදා මොරටුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවකයෙකු විසින් එහි රුපියල් ලක්ෂ 21කට අධික මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී ඔහුව පැහැරගෙන ගොස් පහර දී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 සහ 50 යන වයස්වල පසුවන රත්මලාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?