2026 IPL තරගාවලියට මෙරට ක්‍රීඩකයින් 07ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් තේරී පත්ව තිබෙනවා.

ඒ අතරින් ක්‍රීඩකයින් සිව්දෙනෙක් 2025 වසරේ තරගාවලිය ක්‍රීඩාකළ කණ්ඩායම් මඟින් වෙන්දේසිය සඳහා නිදහස් නොකර රඳවා අතර ගත් අතර අද (16) අබුඩාබි හි පැවති 2026 වසරේ තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් තිදෙනෙක් මිලදී ගනු ලැබුවා.

වෙන්දේසියට ප්‍රථම තුන් ඉරියවු ක්‍රීඩක කමින්දු මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් නිදහස් නොකරම 2026 තරගවාරය සඳහා ද රඳවා තබා ගැනීමට තීරණය කර තිබුණු අතර රෝයස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරද එම කණ්ඩායම විසින් රඳවා ගැනීමට තීරණය කරනු ලැබුවා.

තවද දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂාන්ත චමිර ද එම කණ්ඩායමෙන් වෙන්දේසියට නිදහස නොකර කන්ඩායමේ රඳවා ගැනීමට තිරණය කර තිබුණා.

මීට අමතරව අද පැවති වෙන්දේසිය අතරතුර ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණව ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ අතර එලෙස මතීෂ අලෙවි වූ එම මුදල IPL තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අලෙවි වූ විශාලතම මුදලයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරනු ලබන පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 04කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

මෙලෙස ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවෙල් IPL වෙන්දේසියකදී මිලදී ගනු ලැබුවේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියම් ක්‍රීඩක වනිඳු හසරංග ද ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර එහිදී ඔහුට හිමි වූයේ ඉන්දීය රුපියල් කෝටි 02ක ලංසුවක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් සිව්දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ එක් පිතිකරුවෙක් 2026 ipl තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
112
+1
6
+1
19
+1
4
+1
5
+1
2
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?