Empty Ad
AFC Banner
Empty Ad

2025 අයවැය ලබන 17 වනදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 වන සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව අද (10) රැස්වූ අවස්ථාවේ දී මේ බව තීරණය වී ඇති බව සඳහන්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා මෙම විශේෂ රැස්වීම 14 වැනි සිකුරාදා පෙ.ව 9.30 ට කැඳවීමට නියමිතයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කතානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කරනු ලබනවා.

එසේම පෙබරවාරි 14 වනදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා ‍පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙනෙනු ලබන සංශෝධන පෙබරවාරි 17 වැනිදා පෙරවරු 10.00ට පෙර ලබාදීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ( අයවැය කථාව ඉදිරිපත් කිරීම) පෙර තීරණය කළ පරිදි ලබන 17 වැනි සදුදා ‍පෙරවරු 10.30 ට සිදු කිරීමට නියමිත බව ද වැඩබලන මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17

?