spot_imgspot_img

2024 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද

2024 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම විවාදය ලබන 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වනදා සිට දින 19ක කාලයක් පැවැත් වෙන අතර, අනතුරුව දෙසැම්බර් 13 වනදා පස්වරු 6.00ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය මුදල් ආමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?