spot_imgspot_img

2023 LPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්කරන ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය අද (11) දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම්කර තිබූ නමුත් ක්‍රීඩක ලියාපදිංචිය සඳහා තවත් කෙටි කාලයක් ලබාදෙන ලෙස ක්‍රීඩකයින්ගෙන් ආ ඉල්ලීම් සලකා බලිමින් එය ලබන 14 වනදා දක්වා කල් දැමීමටයි තරග සංවිධායකයින් කටයුතු කළේ.

ඒ, අනුව ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව නිල නොලත් මට්ටමෙන් මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ක්‍රීඩකයින් 300කට වැඩි සංඛ්‍යාවක් මෙවර වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචිව සිටිනවා.

මේ අතර සුප්‍රකට ඉන්දීය විස්තර විචාරකයෙකු සහ වෙන්දෙසිකරුවෙකු වන චාරු ෂර්මා එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවීම සඳහා එක්කර ගැනීමේ සූදානම් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

චාරු ෂර්මා 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ වෙන්දේසිකරුවෙකු ලෙස ද කටයුතු කරණු ලැබුවා.

1 2
2 2
3 1
4 1
5 1
6 1
7 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
6
+1
3
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?