2023 ආසියානු කුසලානයේ ඉන්දීය කණ්ඩායමේ තරග ගැන සුවිශේෂී තීරණයක්

2023 ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි පාකිස්තානයේදී පැවැත්වෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩෙවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත් තරගාවලියේ ඉන්දියාව සහභාගී වන තරග පාකිස්තානයේ දී නොපවත්වා එම තරග වෙනත් රටකදී පැවැත්වීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ,අනුව ඉන්දියාව සහභාගී වන තරග හැර අනෙකුත් සියලුම තරග පාකිස්තානයේ දී පැවැත්වෙනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්දියාව සහභාගී වන තරග ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය හෝ එංගලන්තයේදී පැවැත්වීම සඳහා අවධානය යොමුව ඇති බව සදහන්.

කෙසේ වෙතත් පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය තුළ සත්කාර පාකිස්ථානය වෙනත් රටකදී ඉන්දියාව සමග තරග කරනවාද යන්න පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොතිබීම ද විශේෂත්වයක්.

මෙවට ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස ආකෘතියෙන් බැහැරව පන්දුවාර 50 තරගාවලියක් ලෙස එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?