2023 අයවැයේ ප්‍රධාන අරමුණු මෙන්න

2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද (23) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

2023 – 2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ඉටුකර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මුල්‍ය ඉලක්ක කිහිපයක් වනවා.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වර්ධනය කර ගැනීම, 18.9%ක්ව පවතින රාජ්‍ය වියදම 18.1%ක් දක්වා අඩුකර ගැනීම, අයවැය පරතරය සෘණ 9.9% සිට සෘණ 6.8% සිට අඩුකර ගැනීම සහ ප්‍රථමික අයවැයේ ශේෂය සෘණ 4% සිට සෘණ 1% දක්වා අඩුකර ගැනීම එම ඉලක්ක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?