20-20 ලෝක කුසලානයේ පෙර පුහුණු තරග ඇරඹේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙර පුහුණු තරග අද (10) ආරම්භ වුණා.

පෙර පුහුණු තරග අරඹමින් බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම මෙල්බර්න් නුවර ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනයේදී තරග බිමිට පිවිසියා.

එහිදී කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එහිදී කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 152කට සීමා කිරීමට සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාව අද සහභාගී වීමට තිබූ පළමු පෙර පුහුණු තරගය හෙට (11) දිනය දක්වා කල් ගියා.

ඒ එම තරගයේ ප්‍රතිවාදීන්ව සිටි සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?