17 හැවිරිදි දැරියකගේ ෆේස්බුක් ගිණුම සොරාගෙන නොහොඹිනා වැඩක් කළ දුරකථන අලුත්වැඩියාකරන්නා

17 හැවිරිදි දැරියකගේ ෆේස්බුක් ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධි කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව දුරකථන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

දින කිහිපයකට පෙර තම ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීම සඳහා අදාළ පුද්ගලයා වෙත ලබා දුන් බවයි දැරිය ප්‍රකාශ කර ඇත්තේ.

පසුව එය අලුත්වැඩියාකර පැය කිහිපයකින් යළි තමා වෙත ලබාදුන් බවත් දැරිය සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

ඒ, අනුව ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී තම ෆේස්බුක් ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් ඇති බව දැනගත් දැරිය ජංගම දුරකථනය අලුත්වැඩියා කළ පුද්ගලයාට පවසා ඇත්තේ තමන්ට නව ෆේස්බුක් ගිණුමක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් සකසා දෙන ලෙසයි.

ඉන් දින කිහිපයකට පසු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් මුදලට අලෙවි වන්නියක් බව පවසමින් වෙනත් අයෙකු විසින් පළකල පොස්ටුවක් පිළිබඳව අදාළ දැරියගේ මිතුරියන් කළ දැනුම්දීමකින් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?