තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක් නිවසේ නාන කාමරය තුළ දී දරුවකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා.
එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් මෙලෙස දරුවකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ.
නිවසේ නාන කාමරයෙන් බිළිඳකු හඬන ශබ්දයක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර බැලීමේ දී එහි සිටි දියණිය දරුවෙකු ප්රසූතකර ඇති බවයි දැක ඇත්තේ.
පසුව සිසුවිය දෙබරවැව රෝහල වෙත යොමුකර ඇති අතර, රෝහල විසින් මේ සම්බන්ධයෙන් තිස්සමහාර පොලිසිය දැනුවත් කිරීමට ඊයේ (19) කටයුතු කර තිබෙනවා.
තිස්සමහාරාම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
54
46
102
235
384
109
77