16 වන ජාතික රණවිරු අනුස්මරණය වෙනුවෙන් සැමරුම් උත්සවයක්

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

එම සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (16) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණා.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබුවා.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මෙම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලබනවා.

එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි.

මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර, රණවිරු සේවා අධිකාරියේ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උත්සව කටයුතු පැවැත්වීමට නියමිත ආකාරය පිළිබඳ දළ විග්‍රහයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ආරාධිත අමුත්තන්, හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම හමුදා සම්ප්‍රදායානුකුලව ගරු බුහුමන් දැක්වීම ද ඇතුළත්.

දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමීව සේවය කළ රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ඉමහත් ගෞරවය දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය පැවැත්වීම තුළින් අපේක්‍ෂා කෙරෙනවා.

අපගේ මාතෘභූමිය සහ සියලු රටවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය ප්‍රශංසාවට ලක් කරමින්, ජාතියේ රණවිරුවන් සිහිපත් කෙරෙන මෙම උතුම් අවස්ථාවේදී එක්ව නැගී සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?