spot_imgspot_img

15 හැවිරිදි පිරිමි දරුවාට අමුතු පාඩමක් ඉගැන්වූ ගුරුවරයාට වැඩ වරදියි

වයස අවුරුදු 15 පාසල් දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට සැක පිට මැදවච්චිය ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු මැදවච්චිය අගුනච්චිය ප්‍රදේශයෙන් ඊයේ (16) අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පැවසුවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙක්.

වසරකට පමණ පෙර සිට මෙම දරුවාට ගුරුවරයාගෙන් බරපතළ ලිංගික අපයෝජන සිදුවන බවට කිසියම් පුද්ගලයෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මැදවච්චිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් හරහා අදාල දරුවාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

එහිදී වසරක පමණ කාලයක සිට අවස්ථා ගණනාවකදී තම ගුරුවරයා පාසලේ ගුරු නිවාසයේ දී තමන්ව අතවරයට ලක්කළ බව දරුවා පැවසූ බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ අදාළ ගුරුවරයා ගේ බිරිඳ වසරකට පමණ ඉහත දී ඔහුගෙන් වෙන් වී ගොස් ඇති අතර 13 වියැති සහ 15 වියැති දියණියන් දෙදෙනකු සමඟ සැකකරු ගුරු නිවාසයේ ජීවත්ව සිට ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?