10 වනදා සිට අතුරුදන්ව සිටි පෙදරේරුවාගේ සිරුර බොල්ගොඩ ගඟේ පාලමක් යට (ඡායාරූප)

පසුගිය 10 වනදා සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර බොල්ගොඩ ගඟේ හිරන පාලම යට පාවෙමින් තිබිය දී හමුවූ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

මෙලෙස හමුව ඇත්තේ කැස්බෑව, බටුවන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි පෙදරේරුවෙක් ලෙස කටයුතු කළ 54 හැවිරිදි එක්දරු පියෙක්.

මොහු කැස්බෑව, ජඹුරලිය ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙක් යටතේ පෙදරේරුවෙකු ලෙස සේවය කර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පසුගිය 10 වනදා පස්වරුවේ සිට මොහු දකින්නට නොලැබුණු බවට කොන්ත්‍රාත්කරු විසින් පොලිසිය පවසා තිබෙනවා.

මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහිව සිටි අයෙක් බවත්, මොහු මත්පැන් පානය සඳහා හිරන ප්‍රදේශයට යෑමට හුරුවී සිටි බවත් කොන්ත්‍රාත්කරුවා විසින් වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

හිරන පාලම යට බොල්ගොඩ ගඟේ මළ සිරුරක් පාවෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?