spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොර පාරෙන් එන ජංගම දුරකතනවලට වැට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ඊයේ (31) ජංගම දුරකතන ආනයනකරුවන් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ නීති විරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම ආනයනයන් හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අමාත්‍යවරයා පවසනවා .

නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලුම දුරකතනවල IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙන අතර දුරකතන අස්ථානගතවීම් හෝ නීති විරෝධී ක්‍රියාවන්වල දී එම දුරකතනය හඳුනා ගනු ලබන්නේ මෙම අංකය භාවිතයෙන් බවත් නීති විරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකතන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බවත් එහි දී අනාවරනය වී තිබෙනවා.

මීට අමතරව නීත්‍යානුකූලව ආනයනය කරන සියලු ජංගම දුරකතන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරුණ ද නීති විරෝධී ආනයනයන්වල දී එවන්නක් සිදු නොකරන බවද සඳහන් කළා.

මෙම කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති දැඩි කරන්නැයි රේගුවට උපදෙස් ලබා දුන් අතර ලබන සඳුදා වන විට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි අමාත්‍යවරයා නීති විරෝධී ආනයනයන් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දි තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?