spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඊයේ උදෑසන වත්තල පොලිස් වසමේ වෙස්වුඩ් ලෝන් පටුමග ප්‍රදේශයේදී
මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක්
සිදුකර හෙරොයින් ග්‍රෑම් 500ක් සහ කේරළ ගංජා කිලෝ 125ක් ළඟ තබාගෙන සිටි
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැකකරු වයස අවුරුදු 55ක කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට කියන
රුපියල් 199000/=ක මුදලක්, ජංගම දුරකතනයක් හා තරාදි 02ක් පොලිස් භාරයට ගෙන
ඇති අතර සැකකරු අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?