spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැටන් නගර සභා සිමාවට පානිය ජල ගැටළුවක් ? ජල මුලාශ සිදි යයි

හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජල තටාංගණයේ ජලය සිඳී ගොස් ඇති නිසා හැටන් දික්ඔය නගර සභා සිමාවට දිනකට එක් වරක් සිමා කර පානිය ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරිවරයා පැවසුවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය නිසා ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්නා සිංගිමලේ රක්ෂිතයේ ජල මුලාශ සිඳී යාම නිසා සිංගිමලේ තටාංගණයේ ජලය උපරිම අයුරින් අඩු වීම නිසා ජලය පොම්ප කල නොහැකි බවයි එම නිලධාරිවරයා කියා සිටියේ.

දැනට දික්ඔය ඔටරි ප්‍රදේශයෙන් පමණක් ජලය පොම්ප කර ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවත්, එසේ ලබා ගන්නා ජලය හැටන් දික්ඔය නගර සභා සිමාවටම බෙදා හැරිමට ප්‍රමාණවත් නොවන බවයි ජල සම්පාදන මණ්ඩලය කියා සිටියේ.

පවත්නා තත්ත්වය පිලිබඳව හැටන් දික්ඔය නගර සභා සිමාවේ ජල පාරිභෝගිකයන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවත්, දිනකට වරක් නිකුත් කරන ජලය එක්රැස් කර ගනිමින් පවතින වියළි කාලගුණය අවසන් වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසටයි හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?