spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හලාවත මුහුදේ දියේ ගිලී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

දැදුරුඔය, මුහුද හා එක්වන හලාවත මෝය කටේ දිය නෑමට ගිය පිරිසක් අතරින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර,තවත් තිදෙනෙකු බරපතල තත්ත්වයෙන් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස් තිබෙන්නේ පියා ,පුතා සහ දියණිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තවත් එක් දරුවෙක් බරපතල තත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හලාවත – එගොඩවැල්ල ප්‍රදේශයේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද (05) වැනිදා පවත්වා තිබෙනවා.

මිය ගොස් සහ රෝහල් ගත කර ඇති පිරිස මීගමුවේ සිට හලාවත පදිංචිව සිටින තම ඥාතියෙකුගේ නිවසට පැමිණ ඇති අතර අනතුරුව ඔවුන් දිය නෑම සදහා හලාවත – මෝය කට වෙත ගොස් ඇති බව පොලීසිය පවසනවා.

අනතුරට ලක්ව ඇති පිරිස මෝය කට දක්වා ගමන් කරමින් සිටි බෝට්ටුව පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මුලින් වාර්තා වී ඇති නමුත් පසුව කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත්තේ ඔවුන් එගොඩවැල්ලේ සිට මෝය දක්වා බෝට්ටුවකින් ගමන් කර නොමැති බව යැයි පොලීසිය පවසනවා.

මෝය කටේ දිය නාමින් සිටි පිරිස එක්වරම දිය වැළකට අසුවී මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ සිටි පිරිසක් විසින් මුහුදේ ගසා ගෙන යමින් සිටි පිරිස බේරා ගෙන කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා තිදෙනෙකු මිය ගොස් ඇත්තේ ඒ අතරතුරදීයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?