spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හතුරුට යළිත් හිටපු තැනින් කැඳවීමක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ යළිත් වරක් තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

හතුරුසිංහ 2014 සිට 2017 දක්වා කාලය තුළ එරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

එම කාල වකවානුව තුළ බංග්ලාදේශ කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනෙන කාල සීමාවක් බවට පත්ව තිබුණා.

අනතුරුව හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරනු ලැබුවා.

පසුව හතුරුසිංහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහායක පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් නිවේදනයක නිකුත් කරමින් පැවසුවේ චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත්
වූ බවයි.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස මේ වනවිට කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ වමත් දග පන්දු යවන්නෙක් වන රංගන හේරත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?