කලා ලෝකයේදී තවත් චරිතයකට පණ පොවන්න විවිධාකාර ක්‍රම තිබෙනවා.හඬ කැවීම ඉන් සුවිශේෂීම මෙන්ම ඉතාමත් සුන්දර ක්ශේත්‍රයක් වන්නේ ඒ නිසා.ඉතිං ලංකාවේ “හඬ කැවීම්” කියන දේ ඇහෙනකොටම මතක් වෙන්නෙ චූටි මල්ලි සහ පොඩි මල්ලිව.ඊට හේතුව වයස් භේදයක් නැතුව පරම්පරා කීපයක් මේ අපූරු කලාකරුවන් දෙදෙනාට ආදරය කිරීම සහ පරම්පරා කීපයක් එක්ක මේ ආදරණීය හඬ පෞරුෂයන් දෙක ඉතාමත් සුහදව ගනුදෙනු කිරීම.ඉතිං අද අපි අපේ කතාබහට සම්බන්ධ කරගත්තේ චූටි මල්ලි නොහොත් සුනෙත් චිත්‍රානන්දව..

ආයුබෝවන් සුනෙත් !

ආයුබෝවන් !!

ඉතින් සුනෙත් කොහොමද මේ දවස්වල?

ඇත්තටම වැඩ ටිකක් අතපසු වෙලා තමයි තිබුනේ.ඒත් වැඩ ගොඩක් නතර වෙලයි තිබුණේ.ඒත් අපි දිගටම කරගෙන ආපු වැඩ ටිකක් තිබ්බා.ඒ අතරෙ වැඩසටහන් කීපයක් කරගෙන යනවා හඬ කැවීම් වැඩකටයුතුත් එක්ක.
අලුතෙන් කියලා ලංකාවෙනම් shows නැහැ.පිටරට නම් shows කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

සුනෙත් චිත්‍රානන්ද කොහොමද හඬකැවීම් ක්ෂේත්‍රයට එන්නේ?

ඇත්තටම අපි තරුණ සේවා සභාවේ වැඩසටහන් ඉගන ගන්න ගියා.වීඩියෝ තාක්ෂණය ඉගන ගන්න තමයි ගියේ.ඒ අතරෙදි අපේ කණ්ඩායමක් සිරස හඬකැවීම් වලට සම්බන්ධ වුණා.ඒ කාලේ හඬකැවීම් ශිල්පීන් විදියට හිටියේ රූපවාහිනිය සමඟ ගනුදෙනු කරපු කට්ටිය.ඉතිං අපිත් ඒ කාලේ මුලින්ම ටින් ටින්, පැංචා,සූර පප්පා, වගේ කාටුන්ස් වල ඩබ් කරන්න පටන් ගත්තා.ඒක තමයි මුල.එතනින් තමයි ක්ශේත්‍රයට ආවෙ.

කොහොමද ගාමින්දත් එක්ක යාළුකම පටන් ගත්තේ?

යූත් එකේ 1997 අපි දෙන්නා එකට හිටියේ.අපි දෙන්නම ඇවිත් හිටියේ disco වීඩියෝ පාඨමාලාවක් කරන්න.එතනදි තමයි ගාමින්ද ව හම්බවුනේ.

සෑහෙන කාලයක් තිස්සේ මේ යාළුකම පවත්වාගෙන යනවා.ඒ යාළුකමට වටිනාකම් වැඩි වෙනවා.මොකද හිතෙන්නේ යාළුවා ගැන?

ඇත්තටම තවමත් ඒ යාළුකම බොහොම හොඳින් තියෙනවා.අපි දෙන්නා ආයතන පටන් ගත්තා,ආයතන වලට වැඩට ගියා.ගොඩක් දේවල් සිද්ධ වුණා.අදටත් ඉතින් ඒ යාළුකම බොහොම හොඳින් යනවා.

හඬකැවීම් නළුවා කියන කෙනාව හඳුන්වන්න කිව්වොත් සුනෙත් චිත්‍රානන්ද ට හිතෙන විදියට කවුද මේ හඬකැවීම් නළුවා කියලා කියන්නේ?

හඬකැවීම් නළුවෙක් කියලා කියන්නෙ රූපයට පණක් දෙන්න පුළුවන් කෙනෙක්.ඒක එක එක චරිත වලට අපේ හුරුවට දෙන්න පුළුවන් එකක්.ප්‍රේක්ෂකයෝ එක බලනකොට රූපයට වඩා හඬින් දෙයක් අපිට කරන්න පුළුවන් නම් අන්න එතන පොඩි සාර්ථකත්වයක් තියෙනවා කියලා කියන්න පුළුවන්.

ඔබ මෙච්චර කාලයකට හඬ කවපු චරිත අතරින් කැමතිම ජනප්‍රිය වෙච්ච චරිතයක් තියෙනවද?

මෙහෙමයි මම හඬ කවපු බොහෝ චරිත ජනප්‍රිය වුණා.ඒ අතරින් ගාෆීල්ඩ්,සොනික්,ස්කැපි ඩූ,මණ්ඩුක භවන,පෝලි ෆිල්ම් එක,එහෙම ඒවා ගොඩක් තියෙනවා.ඒ අතර එකක් තියෙනවා හැබැයි ඒක ලංකාවෙ වැඩිය ජනප්‍රිය වුණේ නෑ.ඒක මපච්චෝ කියලා සිරසෙ ගිය ෆිල්ම් එකක්.ඒ ගෙම්බෙක්ගෙ චරිතයක්.ඇත්තටම ඒක ජනප්‍රිය වුණේ නැති තරම්.නමුත් ඒක හරි ෂෝක්.ඒ වගේම සූර පප්පා එකේ මන්තරකරුවගෙ චරිතෙටත් මං ගොඩක් ආසයි.

චූටි මල්ලි සහ පොඩි මල්ලි ගොඩක්ම ප්‍රේක්ෂකයෝ අතරට ගියේ අපි නොදන්න ලයිව් වලින් කියලයි හිතෙන්නේ.කොහොමද ඒ කාලය?

ඇත්තටම ඒ කාලේ මෙහෙම තරගයක් තිබ්බෙ නෑ.
මාධ්‍ය ගොඩක් අඩුයි.රූපවාහිනිය තමයි හොඳම entertaitment එක.සෝෂල් මීඩියා නැතිතරම්.අපි ඒ කාලේ ඉක්මනට ජනතාව අතරට ගියා.සහ ඒ කාලේ ගොඩක් උඩින් හිටියා.ඒක ඇත්තටම හරිම අංගසම්පූර්ණ අත්දැකීමක්.

යූටියුබ් ප්ලැට්ෆෝම් එක ගැන මොකද හිතෙන්නේ?

යූටියුබ් කියන දේ ගොඩක් විවෘත දෙයක්.අපි වැඩක් කරගෙන එනකොට රූපවාහිනී මාධ්‍ය ආයතනයක ඒක අධීක්ෂණය කරන්න ගොඩක් ලොකු කණ්ඩායමක් ඉන්නවා.එතකොට එතනදී අපිට ගොඩක් ලොකු ඉතිහාසයක් තිබිය යුතුයි.මොකද ඉතිහාසය මත තමයි යම් ආයතනයක් අපිව විශ්වාස කරන්නෙ.ඉතින් එහෙම පසුබිමක් යූටියුබ් එකේ නැහැ.තමන්ට ඕන දේ කරන්න පුළුවන්.තමන්ට ඕනෙ නම් කැමරාවක් අරගෙන ඕනම දෙයක් කරන්න පුළුවන්.
දැනට ගත්තොත් youtube එකෙන් මේසයක් පුටුවක් හදන එකේ ඉඳන්ම තියනවා.ඇත්තටම යූටියුබ් කියන්නේ සීමාසහිත දෙයක් නෙමෙයි අසීමාන්තික දෙයක්.ඉතින් ඒකෙ හොඳ නරක කියන දෙකම මිශ්‍ර වෙලා තියෙනවා.

මේක හැමෝටම තියන ප්‍රශ්නයක්.මෙච්චර දක්ෂ චූටි මල්ලියි පොඩි මල්ලියි ඇයි යූටියුබ් වල තැනක් හදා ගන්නෙ නැත්තෙ?

ඇත්තටම අපි කවුරු වුනත් අපිට තියෙනවා තමන් කැමති සහ තමන් විශ්වාස කරන මාධ්‍යයක්.මම යූටියුබ් මාධ්‍ය විශ්වාස කරන්නෑ කියලා කියනවා නෙමෙයි මේ.ඇත්තටම මට දැනෙන්නෙ අපි ඒ කාලේ කාලේ ටීවී එකට වෙච්ච මහන්සිය අපි යූටියුබ් එකට දුන්නේ නෑ.අදටත් අපි කිසිම දෙයක් කරන්නැතුව අපේ youtube චැනල් එකේ ලක්ෂ එකහමාරක විතර subscribers ලා ඉන්නවා.අපි ටීවී එකට රේඩියෝ එකට,කරන්න තිබ්බ උනන්දුව අපි යූටියුබ් එකට දුන්නෙ නෑ.ඇත්තටම මුලදි නම් අපිට ටිකක් කැපවීම උනන්දුව තිබ්බා.ඒත් මන් දන්නෑ මොකක්ද හේතුව කියලා අපිට යූටියුබ් වලට එන්න තරම් කැමැත්තක් තිබුනෙ නෑ.ගොඩක්ම අපි අකමැති වුනා මේ තියෙන තරගයට.මාසෙකට සතියකට මෙච්චර වීඩියෝස් දාන්න ඕන,ඒක සිකුරාදට රිලීස් කරන්න ඕන..ඒක ඇත්තටම තරගයක් වගේම ලොකු කතන්දර ගොඩක් තමයි ඔය යූටියුබ් කියලා කියන්නෙ.ඇත්තටම අපිට කැමති අපිට ආදරය කරන ordiance එකක් ඉන්නවා.ඒක ලක්ෂ සංඛ්‍යාත ගානකින් වැඩි කරගන්න අපිට උනන්දුවක් තිබුනෙ නෑ.

ඉතිං අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම අපරාදේ කියලා හිතෙනවා.අපි දන්නවා අපි ඒක හරියට කරේ නෑ කියලා.

කවුරු හරි කිව්වොත් චූටි මල්ලියි පොඩි මල්ලියි යූටියුබ් වලදී ෆේල් කියලා ඔබ මොකද කියන්නේ?

ඇත්තටම ෆේල් නම් ෆේල්.ඒකට ප්‍රධානම හේතුව අපි කම්මැලියි.අපි ඒ දවස්වල නිදි මරාගෙන කට්ට කාපු හැටියට දැන් ඔය youtube කරන කට්ටියට හිතාගන්නවත් බෑ අපි ඒ කාලෙ වෙච්ච මහන්සිය.අපි එහෙම වැඩ කරපු කාලයක් තිබ්බා ඒ ජනප්‍රිය වෙන්න.මායි ගාමින්දයි මේ රටේ කරලා තියෙන commercials ගාන,අපි දෙන්න ඉඳලා තියෙන cutouts,ඒවා ගණන් කරන්න බැරි තරම්.ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ, අතිශය ජනප්‍රිය වෙච්ච තරු ඒ වගේ ප්‍රසිද්ධ තැනක මායි ගාමින්දයි ඒ කාලේ ඉඳලා තියෙනවා.හන්දි ගානේ බෝඩ් වලයි,දැන්වීම් වලයි දිගටම හිටිය කාලයක් තිබුණා.අපි කට්ට කාගෙන ඒ තැනට ආවා.කන්ද මුදුනට ආවට පස්සෙ එතනින් ඒක ගානක් නැතුව යනවා.

අපිට එදිනෙදා ලැබෙන ආදායම් මාර්ගයක් හම්බ වුණාම ඊට පස්සේ අපි ඒකට අනුව ජීවත් වෙනවා.ඒක ඇත්තටම හරිම නරක වැඩක්.අපි වැඩසටහන් වලට ගියාම කට්ටිය කතා කරනකොට අපි අලුත් අදහස් දෙනවා එයාලට,you tube වල මෙහෙම කරන්න,මේ කන්සෙප්ට් හොඳයි කියලා..ඉතිං ඒ මිනිස්සු අහනවා ඇයි අයියේ ඉතිං උඹලා කරන්නේ නැත්තෙ අපරාදෙනෙ කියලා.මං නං කියන්නේ අනේ කම්මැලියි බං ඕවා කරන්න කියලා.තාමත් ආසාව තියෙන්නේ හඬකැවීම් වලට.හඬකැවීම් වැඩකට එන්න කිව්වොත් තියෙන වැඩ ඔක්කොම දාල එතැනට යනවා.

ජීවිතය ගොඩ ගියේ කොතනින්ද?

අපේ හැරවුම් ලක්ෂය තමයි අපි නොදන්න live.ඒක අපේ ජීවිත වලට ගොඩක් ලොකු වෙනසක් වුණා.ඒක හරහා ලොකු පිළිගැනීමක් ලැබුණා සහ අපිව මිනිස්සු අඳුරගත්තා,මාධ්‍ය ආයතන වල ගොඩක් ලොකු සම්බන්ධකම් ඇති වුණා.ජීවිතේ ගොඩක් වෙනස් පැත්තකට ගියා.

ඉදිරියට මොනවද කරන්න තියෙන වැඩ?

අපි විශ්වාස කළේ මහා මාධ්‍ය කලාව.අපි ඊළඟට කළේ චිත්‍රපටි.ඒවා වල ඉතුරු වැඩ කරන්න තමයි බලාගෙන ඉන්නේ.ගජමෑන් ෆිල්ම් එක ලඟදී රිලීස් වෙනවා.ඒකෙ ප්‍රධාන චරිත දෙක හඬ කවලා මුළු තිරපිටපත ලිව්වේ අපි.හැබැයි අපි කරපු ෆිල්ම් එක නම් release වෙන්න තව අවුරුද්දක් විතර යයි.

සංවාදය- සචිනි සත්සරණි

13925823 1093023870783972 7853669746156285196 o
10850149 756662461086783 3758134263710159988 n
14034749 1095708127182213 6359929217721928605 n
10988311 10205876770492707 6763794813708246997 o
14095732 10157363344160077 3375620732178123788 n
220140 108122665940769 8135567 o
13934573 1092329174186775 6480448729152856974 n
13920848 1092329180853441 9202876497915898292 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !