spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවා ස්ථානයක නායකයෙක් සතු විය යුතු හොඳ ලක්ෂණ

සේවා ස්ථානයක් තුළ හොඳ නායකත්වයක් සතු ලක්ශණ පහත දැක්වේ.ඔබේ ආයතන ප්‍රධානියා සතුව මෙම ලක්ශණ තිබෙනවා දැයි බලන්න

පැහැදිලි දැක්ම සන්නිවේදනය කරයි

සේවා ස්ථානය සඳහා පැහැදිලි දැක්මක් සන්නිවේදනය කරන ප්‍රධානීන් ඒ වෙනුවෙන් සේවකයන්ව ආකර්ෂණය කර ගැනීමට උත්සාහා දරයි.

03 Clear Signs You Cant Trust Your Boss credit 516176306 PeopleImages

මෙමගින් ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සේවකයින් සම්බන්ධ කර ගැනීමට මෙන්ම සේවකයන් තුළ ඇති උනන්දුව වැඩි කිරීමටද හේතු වෙයි.

සේවා ස්ථානයේ දෛනික කාර්යයන් වෙත දැක්ම සම්බන්ධ කරයි

මෙය සිදු කරනු ලබන්නේ සේවකයා එදිනෙදා කරන දේ සහ එය සංවිධානයේ මෙහෙවරට සහාය වන ආකාරය අතර පැහැදිලි රේඛීය සම්බන්ධතාවයක් පෙන්වීමෙනි.

960x0 1

මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ අවසානයේ ආයතනික ඉලක්ක උදෙසායි.

පැහැදිලි කාර්ය සාධන අපේක්ෂාවන් සකසයි

සේවකයන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් නොමැති විට සේවකයින් වැඩි ආතතියක් අත්විඳින බව පර්යේෂණවලින් පෙනී යයි.

boss employee discussing document sitting desk office boss employee discussing document sitting 118327753

ස්ථාවර පුහුණු කිරීම් සපයයි

ඔවුන් අපේක්ෂාවන් සපුරාලන ආකාරය පිළිබඳව සේවකයින්ට නිරන්තර ප්රතිචාර අවශ්ය වේ.

පුද්ගලයෙකු ලෙස සේවකයා ගැන සැලකිලිමත් වේ

සේවකයින්ට අවශ්‍ය වන්නේ ඔවුන් පුද්ගලික මට්ටමින් සැලකිලිමත් වන බවක් දැනීමටයි.

සේවකයෙකුගේ පෞද්ගලික ජීවිතය සහ ඔවුන් වැඩ නොකරන විට ඔවුන් කරන දේ ගැන විමසීමට හොඳ ප්‍රධානියෙකු කාලය ගත කරයි.

ප්‍රධානියා සේවකයන්ගේ විනෝදාංශ, පවුල හෝ වෙනත් අවශ්‍යතා කෙරෙහි උනන්දුවක් දක්වන විට සේවකයින්ට විශේෂත්වයක් හැඟේ.

ඔබට සේවකයෙකුගේ ආතතිය ආදිය දුරු කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ දරුවන් ගැන ඔවුන්ගෙන් විමසන්න!

cq5dam.web .420.270

පුද්ගලික අත්දැකීම් බෙදා ගනී

පුද්ගලික අත්දැකීම් බෙදාගන්නා නායකයන් ඔවුන්ගේ මානුෂීය පැත්ත අගය කිරීමට සේවකයින්ව පොළඹවයි

සැබෑ ජීවිතයේ අරගල සහ ඔවුන් ජීවිතයේ ගැටළු විසඳන ආකාරය බෙදා ගන්නා විට, එය ඔවුන්ගේ සම්බන්ධතාවය මානුෂීයකරණය කරනවා පමණක් නොව සේවකයින් සඳහා ජීවිත උපදේශකයෙකු ලෙසද සේවය කළ හැකිය.

නිදසුනක් වශයෙන්, ප්‍රධානියෙකු අසල්වැසියෙකු සමඟ ඇති ගැටුමක් බෙදා ගන්නේ නම් සහ ඔවුන් ගැටුම විසඳූ ආකාරය, ආදිය කීමෙන් උපදේශකයෙන් ලෙස කටයුතු කරයි.

කාර්‍යාලයේ වැඩ විනෝදයෙන් කරන්නට උදව් කරයි

ඔබ රැකියාවෙන් විනෝද නොවන්නේ නම්, ඔබ වැරදි රැකියාවක යෙදී සිටින බව කියවේ.ඔබ කුමන ආකාරයක රැකියාවක නිරත වී සිටියත් ඒ ඕනෑම පරිසරයක වැඩ කිරීම විනෝදජනක සහ ඵලදායී ස්ථානයක් කර ගැනීම ඔබ සතු දෙයකි.ඔබේ නායකයා ඊට ඔබට උදව් කරනු ඇත.

නායකත්වය ගැන ඔබට උගන්නයි

විවිධ පෞරුෂයන් සහ විවිධ ආකාරයේ අවබෝධයක් නායකයා සතු විය යුතුයි.

විශිෂ්ට නායකයෙක්ට කණ්ඩායම් සංවර්ධනය පෝෂණය කරන හොඳ කණ්ඩායම් නායක කුසලතා ඇත.

නායකයා සියල්ලවම එකතු කරගෙන ඔවුන් සියලු දෙනාම එකමුතුව, එකම දිශාවකට ගෙනි යෑමට දක්ෂයෙකු වෙයි.

Leader Boss
Coworkers in Office

සේවකයන් අගය කිරීම

සේවකයින් සිතන දේ පවා හොඳ නායකයෙක්ට තේරුම් ගත හැක.

බොහෝ ගැටළු වලට සේවකයින්ට බොහෝ විට පිළිතුරු ඇති බව ඔවුන් තේරුම් ගනී.

සේවකයින්ට ඔවුන්ගේ සිතුවිලි සහ අදහස් ඉදිරිපත් කළ විට ඒවා අගය කිරීමට විශිෂ්ට නායකයා නොමසුරුව දායක වෙයි.

boss his beautiful secretary working office 392895 13031

සේවක අවශ්‍යතා සපුරාලීම

සේවකයින් රැකියාවට යන අතර රැකියා අවශ්‍යතා සපුරාලීම සහ ත්‍යාග ලබා දීම මෙහි අරුතයි.

සේවකයින්ට ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ඇති විට, ඔවුන්ගේ කාර්යය කිරීමට මෙවලම් සහ පුහුණුව ලබා දී හොඳ රැකියාවක් කිරීම සඳහා ඔවුන් පුහුණු වන විට ඔවුන් සංවිධානය සමඟ සම්බන්ධ වී එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින බව හොඳ නායකයා දනියි

success1 800x559 1

සචිනි සත්සරණි ප්‍රේමරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?