spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය අසලම නිවසකින් පෝයදාට විකිණු මත්පැන් විශාල තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

යාපනය චාවකච්චේරිය පොලිස් වසමේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය අසල පිහිටි නිවසක පෝයදා (05) මත්පැන් විකුණමින් සිටි පුද්ගලයෙකු මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ 30 හැවිරිදි පුද්ගලයෙක්.

කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලය අසලම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබූ රජයේ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් අධික මිල ගණන්වලට විකුණමින් සිටි සැකකරුවෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී නිවසේ තිබී මිලිලීටර් 185 බෝතල් 200 ක් , මිලිලීටර් 375 බෝතල් 25 ක් සහ බීර කෑන් 60 ක් සහ නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවස සහ පුද්ගලයා සමඟ සුරාබදු නිලධාරී කාර්යාලය අතර සම්බන්ධයක් ඇත්දැයි යන්න පිළිබඳව පරික්ෂණයක් පවත්වන බවටත් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?