spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුබ්‍රමනියම් සුකිර්දරාජන්ගේ 17 වන ගුණ සැමරුම (ඡායාරූප)

ඊයේ(24) උතුරු නැගෙනහිර පළාත්හි ස්ථාන කිහිපයක සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුනා.

ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුකිර්දරාජන්ගේ 17 වන ගුණ සැමරුම වෙනුවෙනුයි එසේ සංවිධානය කර තිබුනේ.

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය, වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මඩකලපුව මාධ්‍ය සංගම් නියෝජිතයින් අදාළ සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබුනා.

සුබ්‍රමනියම් සුකිර්දරාජන් මහතා 2006 ජනවාරි මස 24 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ අයෙක්.

1970 වසරේ උපන් සුකිර්දරාජන් මහතා මියයන විට දෙදරු පියෙකු වන අතර, හෙතෙම එවක සමාජසේවා ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇත.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවක විවිධ කණ්ඩායම් වෙත චෝදනා එල්ල වු අතර, ඝාතනයට ලක්වන අවස්ථාවේ සුකිර්දරාජන් මහතා සුඩර් ඔලි මධ්‍ය ආයතනය ඇතුළු දෙමළ භාෂා මාධ්‍ය කිහිපයකට පුවත් සපයන්නෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

සුකිර්දරාජන් මහතාගේ ගුණ සැමරුමට සමගාමීව කළු ජනවාරි සැමරුම නමින් මෙරටදි ඝාතනයට ලක්වු හා අතුරුදහන් කළ මාධ්‍යවේදීන් සැමරීමේ වැඩසටහන් කිහිපයක් කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක පවත්වා තිබුනා.

ඝාතනයට ලක්වු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා හා අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැළිගොඩ මහතා ඇතුළු මාධ්‍ය සහෘදයන් සැමරීමටද උතුරු පළාතේ මාධ්‍ය සංගම් සාමාජිකයින් කටයුතු කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?