spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිර කූඩුවේ සිටින තම ස්වාමියා නිදහස්ව එනතුරු කූඩුව ළඟ සිටි බිංදු

බුලත්සිංහල පොලිසියට පෙරේදා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලද පණිවිඩය වූයේ බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පවුල් ආරවුලක් ඇති වී තිබෙන බවටය.

රාත්‍රී ජංගම සංචාරයක නිරත පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී එම නිවස සොයා ගොස් මූලික විමර්ශන සිදුකර එහි සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් සිරමැදිරිය තුළ රඳවා තබන්නට විය.

විනාඩි කිහිපයක් ගතවෙද්දී සිරමැදිරිය අසල සුනඛයකු වැතිරී සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් සුනඛයාව පිටතට එළවා දමන්නට වූ අතර අවස්ථා කිහිපයක දී එලෙස එළවා දැමුවත් සුනඛයා කාටත් හොර රහසේ යළි යළිත් සිර මැදිරිය අසලටම පැමිණෙන්නට විය.

පසුව සොයා බැලීමේදී ඊට මද වේලාවකට පමණ පෙර පොලිස් සිර මැදිරියට දමන ලද බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පදිංචි පුද්ගලයා නිවසේ ඇති දැඩි කළ “බිංදු” නොමැති සුනඛයා එලෙස පැමිණ ඇති බවයි.

බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසේ සිට කිලෝමීටර් එකටත් අධික දුරක් ගෙවා ජීප් රථය පසුපස පැමිණ තිබූ මෙම සුනඛයා සිර මැදිරිය ඉදිරිපිට රැඳී සිටි මින් එහි යකඩ කූරු අතරින් තව ස්වාමියා දෙස බලමින් නගුට වනන අයුරු පොලිස් නිලධාරීන්ගේ හදවතට ද යම් වේදනාවක්ද ගෙන දෙන්නට විය.

මෙතෙක් වෙලාවක් සුනඛයා පොලිස් ස්ථානයෙන් පිටතට යැවීමට කටයුතු කළ පොලිස් නිලධාරීන් සුනඛයාට විවිධ සංග්‍රහ ලබාදීමටද ලබාදීමට ද කටයුතු කළේය.

ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සිරමැදිරිය දොර කිරීමත් සමගම වහා සිය ස්වාමියා අසලට දිව ගිය බිංදු සුනඛයා ස්වාමියාගේ කකුල් දෙකට තම ඉදිරිපස ගාත් දෙක තබා නඟුට වන්නට වූ අතර එම අවස්ථාවේදී සිරමැදිරිය තුළ සිටි ස්වාමියා අතින් හිස පිරිමදින්නට විය.

මද වේලාවක් ගත වෙද්දී පොලිස් නිලධාරීන් එම පුද්ගලයාව ස්ථානාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කිරීමේදී සුනඛයාද ඔහු පසුපස යමින් නිල කාමරය වෙත ඇතුළු වීමට පියවර ගෙන තිබෙන තිබිනි.

අනතුරුව ස්ථානාධිපතිවරයා එම පුද්ගලයාට දැඩි අවවාද කර ඔහුව පොලිස් ඇප මත මුදා හරින ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග කෙරිණි.

එම පුද්ගලයා පොලිස් ස්ථානයෙන් පිට වී යාමේ දී බිංදු සුනඛයා එම පුද්ගලයා ද අනුගමනය කරමින් නගුට වනමින්
පසුපසින් දිව යන්නට වූයේ රටක් රාජ්‍යයක් ලැබුණු සතුටකින් බවට හැඟවීමට ඔහුගේ ඇඟේ බිලී කෑ මොර දෙන්නට වූ බව බුලත්සිංහල පොලිසියෙන් වැඩිදුරටත් වාර්තා වේ.

image 56
image 57
image 58
image 59
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
117
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?