සහරාන් හෂීම්ගේ මස්සිනා බිරිඳ සමඟ අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර 03ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත මුදා හැර සිටි සහරාන් හෂීම් නැමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කුලියාපිටිය – කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිටිය දී පොලිසිය විසින් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සමඟ ඔහුගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් නැමැත්තාගේ බිරිඳ වන ෆාතිමා නමැත්තියගේ සහෝදරයකු බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

ලද බුද්ධි තොරතුරකට අනුව මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?