spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සසර කතරින් එතෙර වන්නට ආ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ ‍වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන ආරන්‍ය සේනාසනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ.

සිවිදෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැනියා වු සංජය කුරැප්පු මහතා මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ පානදුර ශාන්ත ජොන් විද්‍යාලයෙන් හා පානදුර ශ්‍රි සුමංගල ප්‍රාථමික විද්‍යාලයෙනි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත්ව ඇති ඒ මහතා අනතුරැව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය ලබාගැනිමට වරමි ලබාගෙන තිබෙි.1982 වසරේදි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනිසිට ඇති ඒ මහතා විෂයන් අටටම විශිෂ්ඨ සාමාර්ථ අටක් ලබා සමත්ව උසස්පෙළ විද්‍යා අංශයෙන් හදාරා ඉන් සමත්ව කොළඹ වෛද්‍ය පිඨයට ඇතුල්විමට වරමි හිමිකරගෙන ඇත.

1966 අගොස්තු මස 23දින උපන් ඒ මහතා ධර්මානුකූල ජිවිතයක් ගතකල අයෙකු ලෙස ප්‍රකටය.1973 වසරේ පානදුර ගගුල සිරි පරම විසුද්ධාරාමස්ථ ශ්‍රී ඥානවිමල අරැනෝදය කුමර පෙරමුණ පිහිටුවාලිමෙිදි ආරමිභක සාමාජිකයකු වු ඒ මහතා හිරණ විහාරස්ථානය මුලික කරගනිමින් ක්‍රියාත්මක වු දහමි පාසැලේ ආරමිභක ගුරැ මඩුල්ලේද සමාජිකයකි.

කොළඹ වෛද්‍ය පිඨයෙන් අධ්‍යාපය ලබා ඉන් පිටවිමෙන් පසු පිටිගල ග්‍රාමිය රෝහල,බලපිටිය මුලික රෝහල හා කොළඹ නයනා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවයකරමින් සිට විශේෂඥ වෛද්‍ය උපාධිය හැදැරිම සදහා එංගලන්තයට ගොස් තිබෙි.පසුව මෙරටට පැමිණි ඒ මහතා මහියංගන මුලික රෝහලේ හා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කළේය.

ඒ මහතා මොණරාගල මහ රෝහලේ පමනක් වසර 11ක් පමණ ඉතා අඩු පහසුකමි යටතේ මොණරාගල ජනතාවට සුවිශේෂි සේවයක් කළේය.

මොණරාගල මහ රෝහලේ සේවය කරන සමයේ මොණරාගල තරැණ පිරිස් සමග එකතුව බුදුමග බෝසත් සංවිධානය නමින් සංවිධානයක් ආරමිභකල ඒ මහතා එමගින් ප්‍රදේශයේ බෞද්ධ පුනරැදය සදහා විශාල සේවාවක්ද ඉටුකලේය.එම වකවානුව තුල සංජය කුරැප්පු මහතා මොණරාගල දුෂ්කර විහාරස්ථාන සොයා යමින් එම විහාරස්ථාන ගොඩනැංවිමටද,ඒ සදහා විවිධ පහසුකමි සපයා දිමටද කටයුතු කළේය.

තම රාජකාරිය දේවකාරියක් කරගත් ඒ මහතා රෝගින් වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතුකල වෛද්‍යවරයකු ලෙසද ප්‍රකටය. ඔහුගේ සේවාකාලය තුල නැවත පෙනිම ලද රෝගින් ගනන දහස්ගනනකි. මෙි සේවාව නිසාම මහියංගන,බදුල්ල, ආදි දුර ප්‍රදේශවලින්ද ඒ මහතාගෙන් සේවය ලබාගැනිමට ජනයා මොණරාගල මහ රෝහල කරා පැමිණියෝය.

වසර විසිපහක සේවාකාලයෙන් පසුව ඉසිඹු ලැබු ඒ මහතා ඉකුත් 14දා ගල්දුව ආරන්‍ය සේනාසනයට අනුබද්ධ බුත්තල බුදුගල්ලෙන තපෝවනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ. ඉතා චාමි ආකාරයෙන් පැවති පැවදි මහොස්සවය සදහා ඒ මහතාගේ මැණියන් ඇතුලු පවුලේ ඥාතිහුද,ඒ මහතාගේ හිතවතුන් හා ඒ මහතා ආරමිභකල බුදුමග බෝසත් සංවිධානයේ සමාජික සාමාජිකාවන්ද එක්ව සිටියහ.

උපුටා ගැනීම – අද පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?