spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරසවි දියණියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

ඊයේ (17) කොළඹ තුරඟ තරග පිටියේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී තිබෙනවා.

මොවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සබඳතාව නැවැත්වීම සඳහා ඊයේ (17) දිනය යොදාගෙන ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා කොළඹ තුරඟ තරඟ පිටියට පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පෙම්වතිය වෙනත් කෙනෙකුගේ වෙනවා දැකීමට ඇති අකැමැත්ත නිසා මෙම ඝාතනය සිදු කළ බව සිසුවා ප්‍රකාශ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (17) සවස සැකකාර සිසුවා වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අත්අඩංගුවට .ගන්නා අවස්ථාවේදී පොලීසිය විසින් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය, ලේ තැවරුණු ටී ෂර්ටය සහ බෑගයක් සොයාගෙන තිබෙන අතර රාත්‍රී කාලයේදී කැළණි ගඟට පැන සියදිවි හානිකර ගැනීමේ අරමුණින් අදාළ තරුණයා සිය ගෙවත්තේ සැඟව සිටි බවයි පොලීසිය සඳහන් කළේ.

https://youtu.be/GZAVdwD1ppQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?