spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් පිළිබඳව මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව ගත් තීරණය

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ශ්‍රී ලංකාව සියලු ණය හිමියන් සමඟ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කරගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටී. මෙම හමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන
සඳහා වන මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ තවත් එක් වැදගත් පියවරකි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසූයේ ,
ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට අපි බලාපොරොත්තු වන බවත් මෙම ක්‍රියාවලියේ දී ද්විපාර්ශ්වික හවුල්කරුවන් අප වෙත අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් අපි ඔවුන්ට කෘතඥ වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ අපගේ ඉලක්කගත ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරනු ඇති අතර මෙය වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට සහ අපගේ වර්ධන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට උපකාරී වනු ඇතැයි මෙම රජය සමාජ හා ආර්ථික සමෘද්ධිය නැවත ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර අපගේ පුරවැසියන්ට තීරණාත්මක මහජන සේවාවන් සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ මූල්‍යමය ආරක්ෂාව නැවත වර්ධනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව
සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබුණු මෙම ඵලදායී රැස්වීමට එක්වීම පිළිබඳව මම නිල ණය හිමියන්ට ස්තූතිවන්ත වෙනවා.2022 සැප්තැම්බර් 01 වැනි දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉලක්කගත ප්‍රතිසංස්කරණ වටා කේන්ද්‍රගත වී ඇත. රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කරුණු හතරක් මත පදනම් වේ.පළමු කරුණ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණයයි.දෙවන කරුණ වනුයේ රජ්‍ය ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.තෙවනුව, මෙම වැඩසටහන මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සහ බාහිර ආරක්ෂාව නැවත ගොඩනැගීම අරමුණු කරයි.සිව්වන කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා ප්‍රධාන කොන්දේසියක් වන මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමයි.” යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?