spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත පොවන රටවල්වලට ජනපති පැවසූ දේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන තානාපති චී ෂෙන්ග්හොං (Qi Zhenhong) අතර හමුවක් සිදු වී තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එක්-චීනයක් (one-China) ප්‍රතිපත්තියට මෙන් ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම තමන් චීන තානාපතිවරයා හමුවේ නැවත අවධාරණය කළ බව ය.

වත්මන් ගෝලීය ආතතීන් තව දුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බව ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී සහයෝගිතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක් බව ය.

image 25
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?